FAST NEWS

24×7 Around the Globe

රජයෙන් ඉවත් වීමට සන්ධානය තීරණ කරයි…

පවතින යහපාලන රජයෙන් ඉවත්වීමට ශ්‍රී ලංකා නිදහස් සන්ධානය තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

ඒ අනුව නව අගමැතිවරයෙකු පත් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා බැලීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව එ මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජ්‍යේෂ්ඨයින් පිරිසක් ,ඊයේ (18) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවු අතර එහිදි මෙම තීන්දු තීරණ පිළිබඳව කතිකා කොට ඇති බවද පැවසේ.

එසේම අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රමාත්‍ය ධූරයෙන් ඉවත් කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිදුකර ඇති යෝජනාව සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට පාර්ලිමේන්තුවේ බහුතරය ඇති බවට ජනාධිපතිවරයාට දැනුම්දීම මෙම සාකච්ඡාවේ මුලික අරමුණ වී තිබුණ බවද තිලංග සුමතිපාල මහතා වැඩි දුරටත් සදහන් කර සිටියේය.

DE සිල්වා