ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව තව දුරටත් තමන් අග‍්‍රාමාත්‍යධූරයේ කටයුතු කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයේදී මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් සමග අද (16) පැවති හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් පැවසීය.
තනි එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් පිහිටුවීමේ අවශ්‍යතාවක් නැති අතර ඉදිරියටත් ජාතික ආණ්ඩුවක් ලෙස කටයුතු කරන බව ද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
“මේ ආණ්ඩුව ඉස්සරහට ගෙනියන්න පුළුවන්.අපි ඉන්නේ ඒ ස්ථාවරයේ.බහුතරය තියෙනවා.හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මට සඳුදා කෝල් කළා.අගමැතිකමෙන් අයින් වෙනවාද ඇහුවා.මං කිව්වා එහෙම අදහසක් නෑ කියලා මම දැනුත් ඔෆිස් එකේ ඉන්නේ කියලා.අගමැතිධුරය ව්‍යාවස්ථානූකූලව මා දරනවා.අපි ඒ වැඩපිළිවෙලත් එක්ක ඉස්සරහට යනවා.“යැයි අගමැතිවරයා පැවසීය








