FAST NEWS

24×7 Around the Globe

පොහොට්ටුවට විපක්ෂ නායක්තවය දිය යුතුයි – පාඨලිගෙන් නිවේදනයක්..

එක්සත් ජාතික පක්ෂය හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පාර්ශවය එක්ව ජාතික සන්ධානයකින් ආණ්ඩුව පිහිටුවා පාර්ලිමේන්තුවේ හා නිල විපක්ෂය ලෙස ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පිළිගත යුතු යැයි ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම්, අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා නිවේදනයක් නිකුත් කරමීන් ප්‍රකාශ කරයි.
පොහොර සහනාධාර, සමෘද්ධි සහනාධාර ආදියෙන් ඔබ්බට ගිය, ජනතාවගේ වේදනාවට ප‍්‍රතිචාර දක්වන යෝධ දේශපාලන ප‍්‍රතිසංස්කරණයක් ඉදිරි මාස 18 තුළ වහා සිදු විය යුතු බව ද අමාත්‍යවරයා සිය නිවේදනය මගින් පෙන්වා දී තිබේ.
එ අනුව මෙම ජාතික අවශ්‍යතාව ඉටු කිරීමට තරම් දෙපාර්ශවයේම නායකයින් දූරදර්ශී විය යුතු බවත් එය පිළිගැනීමට සියළු දෙනා නිහතමානී විය යුතු යැයි ද සඳහන් කරන අමාත්‍යවරයා ජාතික හෙළ උරුමය කිසි විටෙකතත් ජනතාවගේ අභිලාෂයන් බිඳ දැමීමට ඉඩ නොදෙන බවද සිය නිවේදනය මගින් අවධාරණය කර තිබේ.

DE සිල්වා