FAST NEWS

24×7 Around the Globe

රයන් ජයලත්ට සහ මඩුගල්ලේ බුද්ධ රක්ඛිත හිමීයන්ට එරෙහිව වරෙන්තු නිකුත් කෙරෙයි..

නඩුවකට පෙනි නොසිටිම හේතුවෙන් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් සහ මඩුගල්ලේ බුද්ධ රක්ඛිත හිමියන්ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (16) වරෙන්තු නිකුත් කළේය.
අධිකරණ නියෝග කඩ කරමින් කොළඹ කොටුව ප්‍රදේශයේ විරෝධතාවක් පැවැත්වීම සම්බන්ධ නඩුවක් සම්බන්ධයෙන් ඔවුන්ට මෙසේ වරෙන්තු නිකුත් කෙරුණී.
මේ වන විට රක්ෂිත බන්ධනාගාරගක කරනු ලැබ සිටින එම නඩුවේ සැකකරුවන් වන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර සහ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමියන්ට අප්‍රේල් 27 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස බන්ධනාගාරය අධිකාරීය වෙත මෙහිදි නියෝග කෙරුණී.
DE සිල්වා