දකුණු අප්‍රිකානු නව ජනාධිපතිවරයා ලෙස එරට හිටපු උප ජනාධිපති සිරිල් රමපෝසා පත් කිරිමට එරට ප්‍රධාන විනිසුරුවරයා පියවරගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපති ජෙකොබ් සූමා දූෂණ චෝදනා එල්ල වීම හමුවේ ජනමතයට ගරු කරමින් ජනපති ධූරයෙන් ඉල්ලා අස්විමත් සමග මෙම පත් කරිම සිදු කර තිබේ.
මේ අතර අප්‍රිකානු ජාතික කොංසය පවසන්නේ 2019 මහමැතිවරණයට පෙර සිදුවූ මේ දේශපාලන පෙරළිය රටට සුබවාදී අයුරින් යොදාගන්නා බවයි.








