FAST NEWS

24×7 Around the Globe

ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණය අත්හිටවු පෙත්සම් විභාගය පස්සට යයි..

018 පළාත් පාලන මැතිවරණයට අදාළව ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්දය පැවැත්වීමට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ගොනු කර තිබු පෙත්සම සම්බන්ධයෙන් සලකා බැලිම ලබන අප්‍රේල් මස 03 වැනිදා දක්වා කල් තැබීමට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (15) තීන්දු කළේය.
මීන් පෙර මෙම පෙත්සම කැදවූ අවස්ථාවේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය පවත්වාලීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තාවකාලික අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ අතර එ අනුව පසුගිය 10 වැනිදා එම සභාවට අදාළව මැතිවරණය නොපැවැත්විණී.
එ අනුව මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින මැතිවරණ කොමිසමේ සභාපති සහ එහි සාමාජිකයන්ට විරෝධතා එදිනට (03) ගොනු කරන ලෙස අද නියෝග කෙරුණී.
බලයලත් නිලධාරීන් විසින් නාම⁣යෝජනා පත්‍රය බාර නොදීම හේතුවෙන් තම නාමයෝජනා ප්‍රතික්ෂේප කළ බවත් එමගින් සිය මුලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි එම පක්ෂය යටතේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් පෙරමුණේ ලේකම් ආරියවංශ දිසානායක ඇතුළු තිදෙනෙකු මෙම පෙත්සම ගොනු කර තිබුණි.
DE