FAST NEWS

24×7 Around the Globe

ඇමති සාගල ඉල්ලා අස්වීම අගමැතිට දැනුම් දෙයි…

නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
හෙතෙම මෙ සම්බන්ධයෙන් අද (15) උදෑසන අග්‍රාමාත්‍යවරයා හමු වී සාකච්ඡා කර ඇති බවද එක්සත් ජාතික පක්ෂ ආරංචි මාරග් පවසයි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ තම පක්ෂයේ සුභසිද්ධිය සඳහා තම අමාත්‍ය ධූරය කැප කිරීමට තමන් දෙවරක් නොසිතන බවයි.
ආරංචි මාර්ග පවසන පරිදි අමාත්‍යවරයා මෙම තීරණය ගන්නට ඇත්තේ එජාප ප්‍රමුඛ රජයක් සඳහා පිල් මාරු කරන මන්ත්‍රීවරුන් හට ප්‍රභල අමාත්‍ය ධූර ලබා දීමේ අරමුණින් බවත් පැවසේ.
DE සිල්වා