FAST NEWS

24×7 Around the Globe

ග්‍රෑන්ඩ්පාස් ගොඩනැගිල්ලේ අලුත්වැඩියා කළ සමාගමේ හිමීකරු පොලිසීයට භාර වෙයි..

පුද්ගලයින් 07 දෙනෙකුට මරු කැඳවමින් ,කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ බබාපුල්ලේ මාවතේ පිහිටි පෞද්ගලික සමාගම් දෙකකට අයත් තේ ගබඩා කර තිබූ ගොඩනැඟිලි සංකීර්ණයක් කඩා වැටීම සම්බන්ධයෙන් එම ගොඩනැගිල්ල අලුත්වැඩියා කරන ලද සමාගමේ හිමිකරු පොලීසියට බාරවී තිබේ.

මෙම ගොඩනැඟිලි සංකීර්ණය ඊයේ (14) පස්වරුවේ කඩා වැටුණු අතර ,අනතුර සිදුවන අවස්ථාවේ ගොඩනැගිල්ල තුළ සේවකයින් 20කට අධික පිරිසක් සිට ඇති අතර අනතුරින් කාන්තාවන් තිදෙනෙකු ඇතුළුව පුද්ගලයින් 7දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

DE සිල්වා