FAST NEWS

24×7 Around the Globe

සන්ධාන තනි ආණ්ඩුවට ජනපතිගේ අවසරය හිමී වෙයි..

වර්තමාන දේශපාලන අර්බුදය සැලකිල්ලට ගනිමීන් ,එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තනි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා එම සන්ධානයේ නායකයින් වෙත තම අවසරය ලබාදී ඇති බව එම සන්ධාන ආරංචි මාර්ග පවසයි.
එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට අවසර ඉල්ලා එම සන්ධානය විසින් ඊයේ (14) දිනයේ ජනාධිපතිවරයා වෙත ලිපියක් බාරදී ඇති අතර ඊට ප්‍රතිචාර ලෙස මෙම අනුමැතිය හිමිවී තිබේ.
මේ සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලු දෙනා සාකච්ඡා කර එකඟතාවයක් ඇතිකර ගන්නා ලෙසද ජනාධිපතිවරයා දැනුම් දී ඇති අතර ඉන්පසු ආණ්ඩුවක් පිහිටුවිය හැකි බව ජනාධිපතිවරයා දැනුම් දී තිබේ.
මේ අතර ඒකාබද්ධ විපක්ෂයද ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව නියෝජනය කරන නිදහස් පක්ෂ පාර්ශ්වය වෙත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්කර නව ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් ඒ සඳහා සිය සහය ලබාදෙන බව දැනුම් දී ඇත.