මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත්වූ නියෝජිතයන් සඳහා රුපියල් 15,000 ක මාසික දීමනාවක් පමණක් ලබාදීමට රජය තීරණය කර ඇති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් කමල් පද්මසිරි මහතා මාධ්‍ය වෙත පැවැසීය.
එසේම යතුරු පැදි, ජංගම දුරකථන, ෆැක්ස් යන්ත්‍ර ඇතුළු කිසිදු වරප්‍රසාදයක් ඔවුනට ලබානොදෙන බවද එ මහතා සදහන් කළේය.
පළාත් පාලන ආයතන නියෝජිතයන්ට ජංගම දුරකථන හෝ වෙනත් පහසුකම් ලබාගැනීමට අවශ්‍ය නම් අදාළ පළාත් පාලන ආයතනවලින් නිසිලෙස මහජනතාවට සේවාවක් ලබාදී බදු මුදල් ඇතුළු මූල්‍යමය පහසුකම් වැඩිකරගත යුතු බවද ඒ මහතා කීවේය.
මෙවර පළාත් පාලන ආයතන සඳහා සභිකයන් 8700 ක් පමණ තේරීපත්විය හැකි බවත් එම පිරිස වෙනුවෙන්ද රජයට රුපියල් 15,000 බැගින් රුපියල් කෝටි 12 කට වැඩි වියදමක් දරන්නට සිදුවන බවත් ලේකම්වරයා සඳහන් කළේය.
පළාත් පාලන ආයතනවල ඉඩපහසුකම් සකස් කරගන්නා තෙක් එම ආයතනවලට අයත් සම්මන්ත්රණශාලා හෝ පළාත් පාලන ආයතනයේ මූල්‍ය ශක්තිය අනුව වෙනත් ස්ථානයක සභා රැස්වීම් පැවැත්විය හැකි බවද ලේකම්වරයා වැඩිදුරටත් පැවැසීය.
De සිල්වා








