සියලු පළාත් සභා සඳහා පළාත් පාලන මැතිවරණය සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා රාජගිරියේ පිහිටි මැතිවරණ කාර්යාලයේදී අද (14) පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.
මෙය පැරණි සමානුපාතික ක්‍රමයට පවත්වන්නේද නැතහොත් නව මිශ්‍ර ක්‍රමයට පවත්වන්නේද යන්න මෙතෙක් තීරණයක් ගෙන නැතැයිද සභාපතිවරයා සඳහන් කළේය.
එසේම සෑම පළාත් පාලන ආයතනයකම සියයට 25 ක කාන්තා නියෝජනය අනිවාර්ය කර ඇතත් මන්ත්‍රීවරුන් පත්ව ඇති ආකාරය අනුව එය අර්බුදයක් බවට පත්ව ඇතැයි සභාපතිවරයා සඳහන් කළේය.
එම නිසා පනත සංශෝධනය කර කාන්තා නියෝජනය පිළිබඳ සංශෝධනයක් ගෙන එන්නැයි තමන් පාර්ලිමේන්තුවට යෝජනා කරන බව ද සභාපතිවරයා කියා සිටියේය.
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රමාද වූයේ පරිගණක වැඩසටහනෙහි ඇති වූ දෝෂයක් නිසා බව කී දේශප්‍රිය මහතා එහි සියලු වරද තමන් තනිව භාරගන්නා බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.








