FAST NEWS

24×7 Around the Globe

ජනපති ශ්‍රිලනිප සංවිධායකවරු කොළඹට කැඳවති..

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන මහතා විසින් හෙට (15) පස්වරුවේ කොළඹට කැඳවා තිබේ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේ හෙට සවස 3.00ට පැවැත්වෙන විශේෂ සාකච්ඡාවක් සඳහා ශ්‍රිලනිප ආසන සංවිධායකවරුන් මෙසේ කැඳවීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

වර්තමාන දේශපාලන තත්ත්වය හා ඉදිරි ‍ දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම හමුව කැඳවා ඇති බව එම පක්ෂය කියයි.