FAST NEWS

24×7 Around the Globe

එක්සත් ජාතික පක්ෂය කෙරෙහි දෙමළ ජනතාවගේ විශ්වාසය බිඳ වැටිලා..

එක්සත් ජාතික පක්ෂය විසින් උතුරු නැගෙනහිර පළාත් තුළ බෞද්ධ විහාර 1000 ක් ඉදිකරන බවට සිය මැතිවරණ ප්‍රකාශයේ සඳහන් කිරීම තුළින් දෙමළ ජනතාව එක්සත් ජාතික පක්ෂය කෙරෙහි පැවැති විශ්වාසය බිඳ වැටී ඇති බව, දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රි එච්. කේ. ශිවාජිලිංගම් මහතා යාපනය මාධ්‍ය මධ්‍යස්ථානයේ පෙරේදා (12දා) පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.
බහුතර දෙමළ ජනතාව ජීවත් වන උතුරු නැගෙනහිර පළාත් තුළ බෞද්ධ විහාර 1000ක් ඉදිකිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කොට ඇති බවට ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් කොට තිබූ බව හෙතෙම කියයි.
තමන් අදාළ කාරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත්, ආගම් දේශපාලන ව්‍යාපාර වෙනුවෙන් යොදාගන්නා ලෙසට දේශපාලන පක්ෂ වෙත දැනුම් දෙන ලෙසට තමන් මැතිවරණ කොමිසම වෙතින් ඉල්ලීම් කළ බවද ශිවාජිලිංගම් මහතා මෙහිදි වැඩිදුරටත් පැවසීය.
DE සිල්වා