FAST NEWS

24×7 Around the Globe

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 24 ක් ජල කප්පාදුවක්..

නඩත්තු කටයුත්තක් හේතුවෙන් එළඹෙන සෙනසුරාදා (17) පෙරවරු 9.00 සිට ඉරිදා (18) ‍පෙරවරු 9.00 දක්වා පැය 24 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය නිවේදනය කර සිටියි.
එ අනුව කොළඹ 1, 2, 3, 4, 7, 8, 9, 10 හා11 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවත්, කොළඹ 12 සහ 13 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ එදින ජල සැපයුම සිදු කෙරෙන බවද එම මණ්ඩලය පවසයි.
DE සිල්වා