FAST NEWS

24×7 Around the Globe

වික්ටර් රත්නායක මහතාගේ බිරිඳට දැඩි කොන්දෙසි මත ඇප ලැබෙයි..

තමන් සේවය කළ බැංකු ආයතනයේ උකස්‌ කොට තිබූ රන් ආභරණ තොගයක්‌ සම්බන්ධයෙන් විශ්වාසය කඩකිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන, රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සංගීතවේදී වික්‌ටර් රත්නායක මහතාගේ බිරිඳ වන හෂිනි අමෙන්ද්‍රා රත්නායක දැඩි ඇප කොන්දේසි පනවා ඇපමත මුදාහැරීමට තංගල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණය ඊයේ (12) වැනිදා පස්‌වරුවේ නියෝග කර තිබේ.
එ අනුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇපකරුවන් දෙදෙනකුගේ ඇප බැඳුම්කර මත මුදාහැර ඇති සැකකාරියට විදේශ ගමන් වළක්‌වන නියෝගයක්‌ද අධිකරණය විසින් පනවා තිබේ.
එසේම සැකාරියට ලබන 16 වැනිදා යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද අධිකරණ විසිස් නියෝග කර තිබේ.
සැකකාරිය වෙනුවෙන් ප්‍රතිශෝධන අයෑදුම්පතක්‌ ඉදිරිපත් කරමින් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරාල කළ කරුණු දැක්‌වීම් සලකා බැලූ තංගල්ල මහාධිකරණය ඇයව ඇපමත මුදාහරින ලෙසට තංගල්ල මහෙස්‌ත්‍රාත්වරයාට නියෝග කොට තිබුණී.
DE සිල්වා