FAST NEWS

24×7 Around the Globe

පළාත් පාලන ආයතන සංස්ථාපන්‍ ගැසට් පත්‍රය අද නිකුත් කෙරෙයි..

පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීමේ ගැසට් පත්‍රය අද (14) නිකුත් කරන බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශයයේ ලේකම් කමල් පද්මසිරි මහතා සඳහන් කළේය.
මැතිවරණයෙන් පසුව ජාතික මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කිරීමෙන් පසු මෙම තීරණයට එළැඹ තිබේ.
එසේම පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත් වූ සභික සංඛ්‍යාවට ඉඩකඩ ප්‍රමාණවත් වන පරිදි එක් එක් පළාත් පාලන ආයතනවල ඉඩ පහසුකම් වැඩි කිරීමද ආරම්භ කර ඇති බව පද්මසිරි මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.
DE සිල්වා