FAST NEWS

24×7 Around the Globe

අධිවේගී මාර්ගවල නව වේග මාපක පද්ධතිය අද සිට ක්‍රියාත්මකයි..

අධිවේගී මාර්ගවල වේග සීමා උල්ලංඝනය කරන වාහන පරීක්ෂා කිරීම සඳහා නව වේග මාපක පද්ධතිය අද (14) සිට ක්‍රියාත්මක බව අධිවේගී මාර්ග හා නඩත්තු අංශයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේය,
අධිවේගී මාර්ගවල සිදුවන අනතුරුවලින් 27%ක් අධික වේගය හේතුවෙන් සිදුවන බවට නිරීක්ෂණය වීම හේතුවෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් ,මෙමගින් අධිවේගී මාර්ගවල ධාවනය වන සියලු වාහනවල වේග සීමා නිරීක්ෂණය කෙරෙන බවද එ මහතා පැවසීය.
වේග සීමා උල්ලංඝනය කෙරෙන වාහනවල ඡායාරූප සෑම පිටවීමේ ස්ථානයක් කරා සම්ප්‍රේෂණය කරන අතර එම ස්ථානවල ස්ථාපිත ටැබ් යන්ත්‍ර‍ මගින් ඡායාරූප සහිත විස්තර පත්‍රිකාවක් රියැදුරන් වෙත ලබා දීමට නියමිත බවද හෙතෙම සඳහන් කළේය.
එම නිරීක්ෂණ පත්‍රිකාවේ වාහන අංකය, නිරීක්ෂණ දිනය, වේලාව සහ එම අවස්ථාවේ වේගය වැනි තොරතුරු ඇතුළත් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

DE සිල්වා