FAST NEWS

24×7 Around the Globe

ලසන්ත ඝාතන සිද්ධියට නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් අත්අඩංගුවට..

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සිද්ධියට අදාළව එවකට ගල්කිස්ස ප්‍රදේශය භාරව සිටි  විශ්‍රාමීක නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතාව ඊයේ (13) රාත්‍රීයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධියට අදාළව කරුණු වසන් කිරීම මොහුට විරුද්ධව ඇති චෝදනාව වන බවත්, ඔහු අද (14) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසීය කියයි.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග 2009 ජනවාරි 08 වන දින ගල්කිස්ස – අත්තිඩිය ප්‍රදේශයේ අධි ආරක්ෂිත කලාපයේදී වෙඩි ප්‍රහාරයකට ලක්වුණේ මෝටර් රථයකින් සිය කාර්යාලයට යමින් සිටියදීය.
DE සිල්වා