FAST NEWS

24×7 Around the Globe

ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට කමීටුවක්..

පළාත් පාලන මැතිවරණයෙන් පසුව උද්ගතව ඇති දේශපාලනික අර්බුදය හමුවේ රට ඉදිරියට පවත්වාගෙන යා යුත්තේ කෙසේද යන්න පිළිබඳව තිරණය කිරිමට කමිටුවක් පත්කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් අමාත්‍යවරුන් අද (13) රාත්‍රි ජනපති මෛත්‍රීපාල  සිරිසේන මහතා හමුවූ අවස්ථාවේදීය.

මෙම කමිටුව හෙට කැබිනට් හමුවේදී පත්කිරීමට නියමිත බව වාර්තාවෙයි.

ඒ සඳහා අග්‍රාමාත්‍යවරයා හා ජනපතිවරයා අතර එකඟතාවක්ද ඇතිව තිබේ.