FAST NEWS

24×7 Around the Globe

අන්දමන් දිවයින ආසන්නයේ භූ කම්පනයක්

ඉන්දීය සාගරයේ අන්දමන් දිවයින් අාසන්නයේ අද (13) උදෑසන රික්ටර් පරිමාණයේ 5.6ක භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඉන් ජීවිත හෝ දේපළ හානි සිදුවූ බවක් මෙතෙක් වාර්තා වී නොමැත.

ගොඩබිමේ සිට කිලෝමීටර් 10ක් පමණ ගැඹුරින් භූ කම්පනය සිදුවී ඇති බව ඇමරිකානු භූ විද්‍යා ආයතනය ප්‍රකාශ කර තිබේ.