සයිටම් ආයතනයේ ශිෂ්‍යයින්ගේ ගැටලුව විසඳීම සඳහා සකස් කර ඇති විසඳුම් යෝජනාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බාරදීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇති බව එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
එ අනුව සයිටම් ආයතනයේ ඉගෙනුම ලබන සිසුන්ට වෛද්‍ය උපාධිය ලබාගත හැකි වැඩපිළිවෙලක් ආදාළ යෝජනාව මගින් හදුන්වා දී ඇති බව හෙතෙම පැවසීය.
ඊට පාර්ශව රැසක එකඟතාව හිමිව ඇති බැවින් සංදේශයක් ලෙස එය ජනාධිපතිවරයාට බාරදීමට කටයුතු කරන බව වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.








