ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ(12) රාත්‍රියේදි පැවති අතර පැය 02 ක පමණ කාලයක් එම සාකච්ඡාව පවත්වා තිබේ.
ජනතා බලාපොරොත්තු සහ මැතිවරණ ප්‍රතිඵල සැලකිල්ලට ගනිමින් තමාට තීරණයක් ගැනීමට සිදුව ඇති බව මෙහිදී ජනාධිපතිවරයා අගමැතිවරයාට දැනුම්දී ඇත.
එ අනුව මේ තත්වය පිළිබඳ අවධානය යොමුකරමින් ඊට ප්‍රථම අග්‍රාමාත්‍යවරයාටම තීරණයක් ගන්නා ලෙස ජනාධිපතිවරයා ඉල්ලා ඇති බවද වාර්තාවේ.
මෙම සාකච්ඡාවට අමාත්‍යනරුන්න් වන මලික් සමරවික්‍රම , කබීර් හෂීම් , මහින්ද අමරවීර , සහ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල යන මහත්වරුන්ද සහභාගීවී ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.








