මිනීමැරුම් සිද්ධියකට අදාළව තමා අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමට පැමිණි රහස් පොලීසියේ නිලධාරීන්ට මරණ තර්ජනය කිරීමේ චෝදනාවට අධිකරණය හමුවේ වරදකරු වු හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට දඩුවම් නියම කර තිබේ.
එ අනුව ඔහුට බරපතල වැඩ සහිතව වසර 05 ක සිර දඩුවමක් සහ රුපියල් 25,000 ක දඩයක් නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (12) නියෝග කළේය.
බම්බලපිටියේ ව්‍යාපාරික මොහොමඩ් සියාම් පැහැරගෙන ගොස් ඝාතනය කිරිමේ නඩුවට අදාළව ඔහුට අධිකරණයෙන් මරණ දඩුවමචද නියම වී සිටියි.
DE සිල්වා








