පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව තමන් ඉතා කඩිනමින් මහ මැතිවරණයක් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (12) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමීන් පැවසීය.
19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අනතුරුව මහ මැතිවරණයක් පවත්වා වසර හතර හමාරක් ගතවන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයා සතු නොවන නමුත් පාර්ලිමේන්තුවේ පක්ෂවල එකඟත්වයෙන් එය සංශෝධනය කළ හැකි බවද හිටපු ජනාධිපතිවරයා පැවසීය.
2018 පළාත් පාලන මැතිවරණයේ බලය අත්පත් කරගැනීමේදී මහින්ද රාජපක්ෂ මහතාගේ සහයෝගය ලැබුණු පොදුජන පෙරමුණ මෙ වන විට පළාත් පාලන ආයතන 239 ක බලය අත්කරගෙන තිබේ. එක්සත් ජාතික පක්ෂයට පළාත් පාලන ආයතන 41 ක බලය හිමිවූ අතර දෙමළ ජාතික සන්ධානය පළාත් පාලන ආයතන 34 ක බලය අත්පත් කරගත්තේය.
DE සිල්වා








