FAST NEWS

24×7 Around the Globe

අතිරේක ලැයිස්තුවෙන් පත්වන මන්ත්‍රීවරුන්ගේ නම් ඉල්ලයි..

2018 පළාත් පාලන මැතිවරණයට අදාළව අතිරේක ලැයිස්තුවෙන් සිය පක්ෂවලට හිමි මන්ත්‍රි ධුරවලට පත්කරන නියෝජිතයන්ගේ නාමලේඛන මැතිවරණ කොමීෂන් සභාය වෙත ලබාදෙන ලෙස එම කොමිසම මන්ත්‍රි ධුර හිමිකරගත් පක්ෂවල ලේකම්වරුන් වෙත අද (12) දැනුම්දීමට නියමිතව තිබේ.

කොට්ඨාශ මට්ටමින් ජයගත් සභිකයන්ගේ නාමලේඛනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට අතිරේක ලේඛනයෙන් හිමි සාමාජිකයන්ගේ නම්ද ඊට ඇතුළත් කළ යුතුව ඇති බව කොමීෂන් සභාව කියයි.

අතිරේක ලේඛනයට සභිකයින් නම් කිරීමේදී ඇතුළත් කළ යුතු වන්නේ එම ලේඛනයේ ඇතුළත් අය පමණක් බවද කොමීෂන් සභාව පෙන්වා දෙයි.

එසේම කොට්ඨාශ මට්ටමින් නිකුත් කළ ප්‍රතිඵල අනිද්දා (15) දිනය වනවිට මැතිවරණ කොමිසමේ වෙබ් අඩවියට ඇතුළත් කරන බවද එම කොමීෂන් සභාව කියයි.

DE සිල්වා