FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ කොමීෂන් සභාව සමාව අයදියි..

මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම මහජනතාවගෙන් සමාව ඉල්ලයි.

ඡන්ද මධ්‍යස්ථානවලින් ලැබෙන ප්‍රතිඵල අනුව මැතිවරණ ප්‍රතිඵල ස්වයංක්‍රීයව යාවත්කාලීන වීම සඳහා යාන්ත්‍රණයක් සකසා තිබූ නමුත් සැලසුම් කළ පරිදි අදාළ දත්ත නොලැබීම නිසා මෙම තත්ත්වය උද්ගත වී යැයි සිය නිල වෙබ් අඩවිය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම කියයි.

මැතිවරණ කොමිසම වෙත ලිඛිත ආකෘතියකින් දත්ත ලැබීම සිදු වූ බැවින් පරිගණක පද්ධතියට ඒවා ඇතුළත් කළ නොහැකි යැයි ද කොමිසම පවසයි. එම නිසා මැතිවරණ ප්‍රතිඵල ස්වයංක්‍රීයව යාවත්කාලීන කළ නොහැකි යැයි ද ඒ නිසා පරිගණක පද්ධතියෙන් බැහැරව අදාළ ප්‍රතිඵල ලේඛන අතින් සකස් කිරීමට සිදුව ඇතැයි ද කොමිසම වැඩිදුරටත් සඳහන් කරයි.

අදාළ නිවේදනය පහත දැක්වෙයි..