මේ වන විට මැතිවරණය සාමකාමීව පැවැත්වෙන බව නිරීක්ෂණ සංවිධාන පවසයි.
එ අනුව කිසිඳු බරපතළ සිද්ධියක් වාර්තා නොවන බව පැෆ්රල් සංවිධානය පවසයි.
මේ අතර ඊයේ (09) දිනය තුළ මැතිවරණ නීතී උල්ංඝණය කිරීමේ සුලු සිද්ධීන් කිහිපයක් වාර්තා වූ බව පොලීසිය පවසයි.
අද (10)දිනය තුළ දිවයින පුරා සෑම ඡන්ද කොට්ඨාසයකම ආරක්ෂාව තර කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.








