රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් දීම සහ ලබාගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන අයට එරෙහිව පවරා ඇති නඩුව ලබන 14 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (09) නියම කළේය.
එදිනට විත්තිකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙසද මහාධිකරණය නියෝග කළේය.
ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අදාළ පහසුකම් ලබාගැනීම සඳහා ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපතිගේ රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් ලබාගත් බවට ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක රක්නාලංකා ආරක්ෂක සමාගමේ සභාපති ලෙස කටයුතු කළහ විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු චෝදනා එල්ලවී තිබේ.
එම කාර්යය ඉටුකර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් ලබා දීම සම්බන්ධයෙන්ද එම නඩුවේ ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක යාපා සේනාධිපතිට එරෙහිව ද චෝදනා එල්ල වී ඇත.
DE සිල්වා








