FAST NEWS

24×7 Around the Globe

දුම්රිය වර්ජනය අවසන්.

අද (30) මධ්‍යම රාති‍්‍රයේ සිට  දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව  විසින් ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය අත්හිටුවා තිබෙනවා.

අගමැතිවරයා සමග පැවති සාකච්ඡාවකට අනුව මෙම තීරණය ගෙන ඇති බවයි දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ජානක ප‍්‍රනාන්දු මහතා කියාසිටියේ.

වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ආණ්ඩුවට බල කරමින් මෙම වර්ජනය කැඳවා තිබුණා.

————————————————- (update)

අද මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය වැඩවර්ජනයේ.

වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ආණ්ඩුවට බලකරමින් අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට වැඩවර්ජනයක්  දියත් කරන බව දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව පවසයි.

මෙම වැඩවර්ජනය සඳහා ස්ථානාධිපතිවරුන්, දුම්රිය පාලකවරුන්, නියාමකවරුන්, අධීක්ෂණ කළමනාකරුවන් ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක පිරිස් සම්බන්ධ වන බව ඒ මහතා පැවසීය.මේ නිසා සියලූ දුම්රිය ඇණහිටින තත්ත්වයක් ඇති විය හැකි බවත්, අඩු තරමින් අද රාත්‍රී තැපැල් දුම්රියක් හෝ ධාවනයවීමට ඉඩක් නැති බවත්, ඔහු කීවේය.මෙලෙස වර්ජනයට යාමට තීරණය කළේ පාලකයින් දුන් පොරොන්දු දිගින් දිගටම කඩකිරීම බවත්, වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධ ගැටලුවේදී එම ප්‍රශ්නයට ඊයේ බලාපොරොත්තු නොවූ විසඳුමක් ලැබීමත් නිසා යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.කෙසේ වුවද එම වෘත්තීය ක්‍රියාමාර්ගය ලබන මස 2 වැනිදා සිට ආරම්භ කරන බව දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව මීට පෙර ප්‍රකාශ කර තිබිණ.