FAST NEWS

24×7 Around the Globe

ෆිදෙල් කැස්ත්‍රෝගේ පුත්‍රයා වු කැස්ත්‍රෝ ඩයස් දිවිනසා ගනියි..

කියුබාවේ හිටපු නායක ෆිදෙල් කැස්ත්‍රෝගේ පුත්‍රයා වන 68 හැවිරිදි කැස්ත්‍රෝ ඩයස් බැලරට් හවානාහිදී යදිවි හානි කරගෙන මරණයට පත්වී ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටියි.

ෆෙඩලිටෝ“ යන නමින් ජනප්‍රියව සිටි මොහු සි ඇත අතර ඔහු විෂාදය නම් රෝගී තත්ත්වයෙන් පෙළුණු අයෙක් වන බවත් පැවසේ.

ෆිදෙල් කැස්ත්‍රෝෙග් වැඩිමහල් පුතු වන මොහු කියුබානු රජයේ උපදේශකවරයෙකු වශයෙන් ද න්‍යෂ්ටික භෞතික විද්‍යාඥයෙකු වශයෙන් ද සේවය කර ඇති අතර මියයන විට කියුබානු විද්‍යා ඇකඩමියේ උප සභාපති ලෙසද සේවය කරමින් සිට තිබේ.

ඔහුට ප්‍රතිකාර කල වෛද්‍යවරු පවසන්නේ කැස්ත්‍රෝ ඩයස් බැලරට් දීර්ඝ කාලයක් තිස්සේ විෂාදය රෝගී තත්ත්වයෙන් බරපතල ලෙස රෝගී වී සිටි බවයි.

DE සිල්වා