පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමට අයත් ආයතන 24 ක බැංකු ගිණුම් අත්හිටුවීමට තීරණය කොළඹ මහාධිකරණය විසින් දීර්ඝ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (01) සඳහන් කර සිටියේය.
එම නිවේදනය පහතින්
“අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිපතිවරයා විසින් අද දින කොළඹ මහාධිකරණයට කරන ලද ඉල්ලීම සලකා බැලූ කොළඹ මහාධිකරණය මහ බැංකුවේ මූල්‍ය විමර්ශන අංශයේ අධ්‍යක්‍ෂවරයා විසින් පසුගිය සතියේදී පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත් ආයතන 24ක බැංකු ගිණුම් අත්හිටුවීමට ගත් තීරණය දීර්ඝ කිරීමට නියෝග කළේය.
මෙම ගිණුම් අත්හිටුවීමේ තීන්දුව දින 30ක් සඳහා වලංගු වන අතර, එය නැවත අලුත් කිරීමේ හැකියාව පවතී.
මෙම ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම හෝ ඒ වෙනුවෙන් කටයුතු කරන වෙනත් පාර්ශ්ව මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවෙන් අයථා ලෙස උපයන ලද මුදල් වෙනත් පාර්ශ්ව වෙත ගලායාම වැළැක්වීම පිණිසය.
ඒ අනුව අනාගතයේදී උක්ත සමාගම විසින් සාපරාධී ලෙස උපයන ලද මුදල් රජයට නැවත අයකරගැනීම සහ රාජසන්තක කරගැනීමේ ක්‍රියාමාර්ග නිශ්ඵල නොවනු පිණිස එම සමාගමේ ගිණුම්වල මුදල් ආරක්‍ෂා වී පවතිනු ඇත.
බැඳුම්කර ගනුදෙනුවෙන් රජයට අහිමි වූ මුදල් නැවත අය කරගැනීමේ ක්‍රියාමාර්ගවල මෙන්ම මෙම සාපරාධී ක්‍රියාවට සම්බන්ධවූවන්ට දඬුවම් ලබාදීමට ගෙන යන වැඩපිළිවෙළෙහි සාර්ථකත්වය මෙම නඩු තීන්දුව තුළින් තවදුරටත් තහවුරු වනු ඇත.”
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.