FAST NEWS

24×7 Around the Globe

පළාත් කිහිපයකට 02 න් පසු වැසි..

දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් තැනින් තැන, විශේෂයෙන් සවස 2.00 පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව අද (01) පෙරවරු නිකුත් කළ කාළගුණ නිවේදනයෙහි දැක්වෙයි.

මඩකලපුව, හම්බන්තොට සහ අම්පාර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බවත් එහි සඳහන්.

එසේම රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට මි.මී. 75 පමණ වු තරමක් තද වැසි ඇති විය හැකිය.

මන්නාරම සිට කොළඹ දක්වා වන වෙරළබඩ ප්‍රදේශවලට විටින් විට හමන (පැ.කි.මී 40 දක්වා) තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකි බව එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.

DE සිල්වා