FAST NEWS

24×7 Around the Globe

අද හා හෙටත් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිමට වරම්..

පෙබරවාරි මස 10 වන දින පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ පුද්ගලයින් සඳහා එහි තෙවන අදියර යටතේ අද (01) සහ හෙට (02) යන දෙදින තුළ යළි ඒ සඳහා අවස්ථාව ලබාදීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

පළමු අදියර යටතේ පසුගිය 22 වන දින මැතිවරණ කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ පොලිස් ස්ථානවල, නිලධාරීන් ඡන්දය ප්‍රකාශ කරනු ලැබීය.

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ දෙවන අදියර යටතේ සෙසු රාජ්‍ය ආයතනය වල පසුගිය 25 සහ 26 යන දෙදින තුළ තැපැල් ඡන්දය ප්‍රකාශ කළේය.

එම දින වල තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකයින් සඳහා අද සහ හෙට යන දෙදින තුළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමිවන බව මැතිවරණ කොමීෂන් සභාව ප්‍රකාශ කළේය.

DE සිල්වා