FAST NEWS

24×7 Around the Globe

ජල සේවකයෝ යළි වර්ජනයකට යති..

ජල සම්පාදන සේවකයෝ  අනිද්දා  (02) දින යළිත් පැය 04 ක වර්ජනයකට එළැඹෙන බවත් එයටත් රජයෙන් යහපත් ප‍්‍රතිචාරයක් නැත්නම් අඛණ්ඩ වර්ජනයකට යන බවත් ජල සම්පාදන වෘත්තිය සමිති  පවසති.

ඉකුත් 30 දා පැවැති පැය හතරක සංකේත වර්ජනයෙන් පසු පෙරේදා  රාත‍්‍රී ජලසම්පාදන අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු බලධාරින් සමඟ සාකච්ඡා කළ නමුත් එම සාකච්ඡා අසාර්ථක වූ බැවින් මෙසේ යළි වර්ජනයකට එළැඹෙන බව ජල සම්පාදන සේවක සංගමය පවසයි.

ඒ අනුව පෙරවරු 09 සිට දහවල් 01 එක දක්වා කාර්යාල කටයුතු දෛනික නඩත්තු , පාරිභෝගික සේවා,  මනුසටහන්, බිල්පත් සැකසීම් ඉදිරිපත් කිරීම් අයකිරීම් සිදු නොකෙරෙන බව ද  එම සංගමය කියයි.

De සිල්වා