දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන අතර දිවයිනේ බොහෝ පළාත්වල අහස වලාකුළින් බරවපවතින බව අද (30) දහවල් කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.
එසේම දිවයිනේ බොහෝ පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද එහි සඳහන්.
එ අනුව ඌව, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ පොලොන්නරුව දිස්ත්‍රික්ක වලත් සමහර ස්ථානවලට මි.මී. 150 පමණ වු ඉතා තද වැසි ඇති විය හැකි බවත් ,දකුණු සහ බස්නාහිර පළාත් වල සමහර ස්ථානවල මි.මී. 100 පමණ තද වැසි ඇති විය හැකිය.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.
DE සිල්වා








