FAST NEWS

24×7 Around the Globe

වෛද්‍ය වර්ජනය අවසන්..

වෛද්‍යවරු අද (30) පෙරවරු 08 ආරම්භ කළ පැය 24 ක සංකේත වැඩ වර්ජනය අවසන් කළ බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි.

සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජීත සේනාරත්න මහතා සමග අද පැවැති සකච්ඡාවකින් අනතුරුව සිය ඉල්ලිම්වලට විසදුම් ලැබිමෙන් අනතුරුව මෙම වර්ජනය අවසන් කළ බව එම සංගමය පවසයි.

මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාල අර්බුදයට දෙසැම්බර් 31 වැනි දාට පෙර විසඳුම් නොදීම, සිසුන්ට සාධාරණය ඉටුකිරිමට අපොහොසත් වීම, වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි දීමනාව සංශෝධනය නොකිරිම, රාජ්‍ය සේවයේ තෝරාගත් කාණ්ඩ කිහිපයකට පමණක් මුලික වැටුප් වැඩිකිරිම, පැමිණිමේ හා ප්‍රවාහන දීමනාව යාවත්කාලීන නොවීම ඇතුළු කරුණු ගණනාවක් මුල්කරගනිමින්  මෙම වර්ජනය පැවැත් වුණී.

DE සිල්වා