FAST NEWS

24×7 Around the Globe

බැදුම්කර විවාදය පිළිබඳව තීන්දුවක් නොමැතිව පක්ෂ නායක රැස්වීම අවසන්..

බැඳුම්කර සහ බරපතල වංචා පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තා පිළිබඳ විවාදය පැවැත්වෙන දින තීරණය කිරීමට අද (30) පාර්ලිමේන්තුවේ පැවැති විශේෂ පක්ෂ නායක රැස්වීම තීරණයක් නොගෙනම අවසන් වු බව එක් ඒකාබද්ධ විපක්ෂ නායක දිනේෂ් ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

මෙ අතර කථානායක කරු ජයසුරිය මහතා සඳහන් කර සිටියේ මේ සම්බන්ධයෙන් අගමැතිවරයා සමඟ සාකච්ඡා කර එම උපදෙස් මත අවසන් තීරණයකට එළඹෙන බවයි.

කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණු මෙම පක්ෂ නායක රැස්වීමේ අරමුණ වී තිබුණේ පළාත් පාලන මැතිවරණයට පෙර විවාදය පැවැත්වෙන දින පිළිබඳ අවසන් එකඟතාවයකට පැමිණීමටයි.

කෙසේ වෙතත් පසුගිය 24 වනදා පැවති පක්ෂ නායක රැස්වීමේදී බැඳුම්කර විවාදය පෙබරවාරි 20 සහ 21 යන දිනවලදී පැවැත්වීමට තීරණය කර තිබුණී.

DE සිල්වා