FAST NEWS

24×7 Around the Globe

සමස්ත ලංකා දුම්රිය සේවකයින් වර්ජනයකට සැරසෙයි..

දුම්රිය රියදුරු සහායක සේවයේ තනතුරු පුරප්පාඩු පිරවීම සඳහා සුදුස්සන් තෝරා ගැනීමට අදාලව කල් දමා ඇති විභාග පවත්වන ලෙසත් එසේ නොවන්නේ නම් වෘත්තිය කි‍්‍රයාමාර්ගයකට යොමුවන බව සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය පවසයි.

2011 වර්ෂයෙන් පසු සේවකයින් බඳවා නොගැනීම නිසා මේ වන විට දුම්රිය රියදුරු සහායක සේවයේ පුරප්පාඩු 300 කට අධික ප‍්‍රමාණයක් ඇති බව එම සංගමයේ ප්‍රධාන ලේකම් එස්.පී. විතානගේ මහතා ඊයේ (29) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.

දුම්රිය ධාවනයේදී රාජකාරිමය වශයෙන් සෘජු මැදිහත්මක් දක්වන දුම්රිය රියදුරු සහායක සේවාව, මේ වන විට බරපතල අර්බුදකාරී තත්ත්වයකට පත්කර ඇති බව සඳහන් කරන ඒ මහතා මෙම බඳවාගැනීම් පිළිබඳව දී ඇති අධිකරණ තීන්දුවක් ද නිලධාරින් නොසළකා හැර ඇති බවද එ මහතා පැවසීය.

ඇතැම් වෘත්තීය සමිතිවල පදනම් විරහිත ක‍්‍රියාමාර්ග සහ දුම්රිය පාලනාධිකාරියේ මෙන්ම ප‍්‍රවාහන අමාත්‍යාංශ බලධාරීන්ගේ තින්දු තීරණ ගැනීමේ උදාසීනතාවයන් මෙම තත්ත්වයට හේතු වී ඇති බව පවසන ඔහු මේ පිළිබඳව වගකිවයුතු නිලධාරින් දැනුවත් කිරිමේ ලිපි යොමුකළ බවද ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

DE සිල්වා