FAST NEWS

24×7 Around the Globe

බස්නාහිර ජල සේවකයෝ වර්ජනයකට යති..

ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ බස්නාහිර පළාතට අයත් සේවකයන් අද (30) දිනය තුළ පැය හතරක සංකේත වර්ජනයක නිරත වන බව එම මණ්ඩලයේ වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය පවසයි

වසර තුනකට වරක් සිදුවන වැටුප් වැඩිවීම ඉකුත් ජනවාරි 01 වැනි දා සිට වැඩිවිය යුතු වුවත් මෙතෙක් වැඩිකිරීමට බලධාරීන්ගේ අවධානය යොමු නොවීම හේතුවෙන් ඉදිරියේදී අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට කටයුතු කරන බවද එම සන්ධානයේ කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා මාධ්‍ය වෙත පැවසීය.

අමාත්‍යවරයා ගෙන් වසර මුළුල්ලේම සාකච්ඡාවක් ඉල්ලා සිටියද මේ දක්වා එය නොලැබුණු බවත් පළමු පියවර ලෙස අද පැය 4ක් සේවයෙන් ඉවත් වන බවත් එයටද නිසි ප්‍රතිචාරයක් නොලැබුණහොත් ඉදිරියේදී දැවැන්ත වැඩපිළිවෙලකට යන බවද ‍හෙතෙම වැඩි දුරටත් පැවසීය.

DE සිල්වා