FAST NEWS

24×7 Around the Globe

වෛද්‍යවරු වර්ජනයේ නිතර වෙති..

රජයේ රෝහල්වල වෛද්‍යවරුන් අද (30) පෙරවරු 08 සිට හෙට (31) පෙරවරු 08 දක්වා දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කළ බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය පවසයි.

මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාල අර්බුදයට දෙසැම්බර් 31 වැනි දාට පෙර විසඳුම් නොදීම, සිසුන්ට සාධාරණය ඉටුකිරිමට අපොහොසත් වීම, වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි දීමනාව සංශෝධනය නොකිරිම, රාජ්‍ය සේවයේ තෝරාගත් කාණ්ඩ කිහිපයකට පමණක් මුලික වැටුප් වැඩිකිරිම, පැමිණිමේ හා ප්‍රවාහන දීමනාව යාවත්කාලීන නොවීම ඇතුළු කරුණු ගණනාවක් මුල්කරගනිමින් මෙම වැඩවර්ජනයේ ආරම්භ කළ බවද එම සංගමය කියයි.
DE සිල්වා