FAST NEWS

24×7 Around the Globe

මැදවච්චිය සහ තලෙයිමන්නාරම දුම්රිය මාර්ගය වසා නොදැමෙයි..

මැදවච්චිය සහ තලෙයිමන්නාරම දුම්රිය ස්ථාන අතර පාලම අලුත්වැඩියා කිරීම සඳහා පෙබරවාරි පළමු වැනිදා සිට මාර්තු 31 වැනිදා දක්වා එම දුම්රිය මාර්ගය වසා දැමීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පාලම ඉදිකිරීම සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ හා යන්ත්‍ර සූත්‍ර ඉන්දියාවේ සිට ගෙන ඒම ප්‍රමාද වන බවට අලුත්වැඩියා කටයුතු සිදුකරන සමාගම දන්වා තිබෙන හෙයින් නැවත දැනුම් දෙනතුරු දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

DE සිල්වා