FAST NEWS

24×7 Around the Globe

ක්‍රිසොටයිල් හෙවත් සුදු ඇස්බැස්ටස් සෙවිලි කර්මාන්තය ගැන ඔබ දන්නවාද?

ඇස්බැස්ටස් පිළිබඳව පසුගිය කාලයේ කථා නොකල අයෙක් නොමැති තරම්ය. ගිහි-පැවිදි ඇතුළු ඬණික පරිසරවේදීන් යැයි කියා ගන්නා පිරිස්, ඊනියා විද්‍යාඥයන් පුවත්පත්වලට තම මනඃකල්පිත අදහස් ප්‍රකාශ කරමින් රටේ ජනතාව නොමග යවන ලදි.

ශ්‍රී ලංකාවේ ඇස්බැස්ටස් පිළිබඳව ඇත්තේ මිථ්‍යා සංකල්පයක් මිස සැබෑවක් නොවේ.

මෙම ව්‍යාජ ආරෝපිත චරිත, ඇස්බැස්ටස් ගැන නොදනී. නමුත් ඒ පිළිබඳව දන්නවා යැයි ව්‍යාජව හඟවන වටපිටාවක් නිර්මාණය කිරීමට ගත් වෑයම හෙලා දැකිය යුතුය.

ඇස්බැස්ටස් යන්න පොදු වෙළඳ නාමයකි. එය පොළොවේ ස්වභාවිකව පවතින තන්තු වර්ග 6ක් නියෝජනය කරයි. තන්තුමය සර්පන්ටයින් හෙවත් ක්‍රිසොටයිල් සහ පිළිකාවන්ට ඍජුවම සම්බන්ධ ඇම්ෆිබෝල් (ක්‍රොසිඩොලයිට්, ඇක්ටිනොලයිට්, ඇමොසයිට්, ඇන්තොෆිලයිට්, ට්‍රිමොලයිට්) එයට ඇතුලත්ය. ශ්‍රී ලංකාව ඇම්ෆිබෝල් වර්ගයක් වු ක්‍රොසිඩොලයිට් (නිල් ඇස්බැස්ටස්) පමණක් තහනම් කර ඇත.

සර්පන්ටයින් සහ ඇම්ෆිබෝල් වර්ගයන් ව්‍යුහ වශයෙන්ද, භෞතික රසායනික ලඬණ වලින්ද, ජීව විද්‍යාත්මක ගුණාංගවලින්ද එකිනෙක අතරේ විශාල වෙනසක් පෙන්වයි.

ක්‍රිසොටයිල් (සුදු ඇස්බැස්ටස් ලෙස හඳුන්වන) ජීව ද්‍රවයන්හි ඉතා ඉක්මණින් දියවන අතර, ආශ්වාස කල විට පෙනහළුවලින් ඉතා ඉක්මණින් ඉවත්වී යන බව සොයාගෙන ඇත.මෙය Bio – Persistence ලෙස හැදින්වේ.

එහෙත් එලෙස ඉක්මණින් පෙනහළුවලින් ඉවත්ව නොයන ඇම්ෆිබෝල් ඇස්බැස්ටස් අංශූ ආශ්වාස කිරීමෙන් ඇස්බැස්ටෝසිස්, මෙසොතෙලියෝමා හා ළය පිළිකා වැනි රෝග අනිවාර්යෙන්ම සෑදෙන බවද සොයාගෙන ඇත.

පුවත්පත්වලට ඇස්බැස්ටස් පිළිබඳ බොරු න්‍යාය, උපක්‍රම ගොඩනගන්නට වෙර දරන ඊනියා ශ්‍රී ලංකා ඇස්බැස්ටස් විද්‍යාඥයන් තවමත් සිතා සිටින්නේ වහලට යොදාගන්නා සෙවිලි තහඩු ඇස්බැස්ටස් කියාය. මෙයින් පැහැදිලි ලෙසම පෙනීයන්නේ ඔවුන් මෙම විෂය පිළිබඳව නිසි ලෙස දැනුවත් වීමක් හෝ අවබෝධ වීමක් නොමැති බවයි.

සෙවිලි තහඩුවලට ශ්‍රී ලාංකිකයන් ඇස්බැස්ටස් තහඩු ලෙස ආමන්ත්‍රණය කලද, එහි ඇත්තේ බරින් 6-8% ක්‍රිසොටයිල්ය. අනෙත් 92% පෝට්ලන්ඩ් සිමෙන්ති, සහ ජලය අඩංගු මිශ්‍රණයකි. ක්‍රිසොටයිල් යොදා ඇත්තේ සෙවිලි තහඩුවේ ශක්තිමත් බව රැකගැනීමටය.

ක්‍රිසොටයිල් ෆයිබර් සිමෙන්ති සෙවිලි තහඩු සහ සිවිලිං තහඩු නිසා ශ්‍රී ලංකාවේ කිසිම අයෙකුට මෙතෙක් ඇම්ෆිබෝල් ඇස්බැස්ටස් නිසා සෑදෙන රෝග කිසිවක් වැලඳී නොමැති බවට තහවුරු වී ඇත.

අධි ඝනත්වයෙන් යුත් ක්‍රිසොටයිල් සිමෙන්ති සෙවිලි තහඩු නිෂ්පාදනය කරන්නතෙත් ක්‍රියාවලිය නම් ක්‍රමවේදය තුලිනි. එහිදී අධි පීඩිතව ආවරණය කර ඇති ආනයනික ක්‍රිසොටයිල් තන්තු ස්වයංක්‍රීයව ජලය සහ සිමෙන්ති සමග මිශ්‍ර කරනු ලැබේ. කිසිවිටෙක මෙම තන්තු වාතයට නිරාවරණය වීමේ අවස්ථාවක් නොමැත.

පුවත්පත්වලට අදහස් දක්වන බොහෝ දෙනා මෙම දේශීය කර්මාන්තශාලාවක් දැක ඇති බවක් නොපෙන්වයි. සමහරු සිතන්නේ මෙම දේශීය කර්මාන්තය කඩා දැමුවහොත් උළු කර්මාන්තය වර්ධනය කර හැකි බවයි. සෑම සෙවිලි තහඩුවකටම SLS තත්ත්ව සහතිකයක් ඇත. ක්‍රිසොටයිල් සිමෙන්ති සෙවිලි තහඩු සඳහා SLS සහතිකය ලබා ගැනීම අනිවාර්ය වන අතර අනෙකුත් සෙවිලි වර්ග වලට SLS සහතිකය අනිවාර්ය නොවන නිසා බොහෝ උළු ගුණාත්මක බවින් පහල මට්ටමක පවතින බැවින් පාරිභෝගික විශ්වාසය දිනාගැනීමට අසමත් වී ඇතග

මෙම කර්මාන්තය අනෙක් කර්මාන්ත මෙන්ම රුපියල් බිලියන ගණනක වටිනාකමකින් යුත් කර්මාන්තයකි. එවැනි කර්මාන්ත ජාත්‍යන්තර රාජ්‍ය නොවන ආයතනවල අවශ්‍යතාවයන්ට අනුව හෝ ඊනියා විද්‍යාඥයන්ගේ අදහස්වලට අනුව වසා දැමීමට නොව, කලයුත්තේ සුරඬිත භාවිත ක්‍රමවේදයන්ට අනුකූලව ක්‍රියාත්මක කිරීමට නීති, සහ රෙගුලාසි පැනවීමයි. SLS සහතිකය ලද උසස් ගුණාත්මක බවින් යුතු සෙවිලි තහඩුවටලට පිටරටවලින් සැලකිය යුතු ඉල්ලූමක් ඇත.

FCPMA