FAST NEWS

24×7 Around the Globe

හිටපු ඇමති කෙහෙලියගේ ප්‍රතිශෝධන පෙත්සම ප්‍රතික්ෂේපයි..

හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය රඹූක්වැල්ල මහතාට ඉදිරිපත් කර තිබු ප්‍රතිශෝධන පෙත්සම මහාධිකරණය අද (29) ප්‍රතික්ෂේප කළේය.

එ මහතා එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබු නඩුවකට අදාලව මෙම පෙත්සම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබුණී.

අල්ලස් කොමිසම පවරා ඇති නඩුවේ චෝදනා පත්‍රය සංශෝධනය කිරිමට මහේස්ත්‍රාත්වරයා අනුමැතිය ලබා දීම ප්‍රතිශෝධනය කරන්නැයි රඹුක්වැල්ල මහතා සිය පෙත්සමෙන් ඉල්ලා ඇතත් මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය නිත්‍යානුකුල බව සඳහන් කළ මහාධිකරණ විනිසුරුවරයා අදාල ප්‍රතිශෝධන අයදුම් පත්‍රය ප්‍රතික්ෂේප කළේය.

DE සිල්වා