FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපතිගේ සිවිල් අයිතිය අහෝසි කිරීමට නිර්දේශිතයි – අගමැති

බරපතළ දූෂණ වංචා විමර්ශන වාර්තාවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සිවිල් අයිතිය අහෝසි කළ යුතු බවට නිර්දේශ කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (27) මොරවක පැවැති ජන රැලියකදී ප්‍රකාශ කළේය.

“මේ වාර්තා දෙකෙන් එකක්‌ තියෙන්නේ බැඳුම්කරය. මේ බැඳුම්කරය ගැන මම අලුතින් කියන්න යන්නේ නැහැ. එක්‌සත් ජාතික පක්‍ෂයටවත් අපිටවත් විරුද්ධ කිසිම කාරණයක්‌ එහි නැහැ. ඒක එක පාරක්‌ නොමෙයි දැන් තුන් හතර පාරක්‌ පාර්ලිමේන්තුවේ වාද විවාද කරලා තියෙන්නේ. අපිට හංගන්න දෙයක්‌ නැහැ. අපිට පාපිස්‌ස යට දාන්න දෙයක්‌ නැහැ. කට කැපුවත් බලය සඳහා මම බොරු කියන්නේ නැහැ. එම වාර්තාවේ එක යෝජනාවක සඳහන් වන්නේ හිටපු ජනාධිපතිවරයාගේ සිවිල් අයිතිවාසිකම් වසර 07 ක්‌ නොව ජීවිතාන්තය දක්‌වා අහෝසි කළයුතු බවයි. අද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ඇතැම් අය කියනවා ඒ අයට පොහොට්‌ටුව සමගත් වැඩකටයුතු කිරීමට වුවමනායි කියලා. ඉතිං එහෙමනම් ඒ අයට මේ ප්‍රශ්නයටත් විසඳුම් සොයා ගැනීමට සිදුවෙයි කියලා මම හිතනවා”

DE සිල්වා