FAST NEWS

24×7 Around the Globe

පුද්ගලික රෝහල් නියාමනය 04 වැනිදා සිට..

පෞද්ගලික රෝහල් නියාමනය කිරීම පෙබරවාරි 04 වැනිදා වන විට ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රුපියල් මිලියන 3400 ක වියදමින් බේරුවල මුලික රෝහලේ ඉදිකිරීමට යෝජිත නව මහල් වෛද්‍ය වාට්ටු සංකීර්ණය සදහා මුල්ගල් තැබීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ප්‍රකාශ කළේය.

එ අනුව පෞද්ගලික රෝහල් වලින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ට පුර්ණ සහනයක් ලබාදීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

පෞද්ගලික රෝහල්වල ප්‍රතිකාර ලබන විට ඇතැම් රෝගීන්ට ගැටලු රැසකට මුහුණ පාන්නට සිදුවන බව ඇතැමුන් තමාට පුද්ගලිකවද දැනුවත් කල බවද හෙතම පෙන්වා දුන්නේය.

හෘද සැත්කමක් සදහා පෞද්ගලික රෝහලට ඇතුළත් වූ රෝගියාට පළමුව රුපියල් ලක්ෂ 07 ක මුදලක් වැය වන බව පවසා ඇති රෝහල සැක්කම සිදු කළ පසු රුපියල් ලක්ෂ 12 ක් ඉල්ලා ඇතැයි කී අමාත්‍යවරයා නමුත් රෝගී තත්ත්වය සුව නොවීම නිසා තවමත් රෝහලේ ප්‍රතිකාර ලබන ඔහුගේ බිල මේ වන විට රුපියල් ලක්ෂ 18 ක් වී ඇතැයිද අමාත්‍යවරයා කීවේය.

මෙවැනි සිද්ධීන් නිසා රෝගීන් දැඩි අසීරුතාවයට පත්වන බව කී අමාත්‍යවරයා පෞද්ගලික රෝහල් නියාමනයට කටයුතු කරන බව ප්‍රකාශ කළේය.