FAST NEWS

24×7 Around the Globe

නිළ ඡන්ද පත්‍රිකා බෙදිමේ විශේෂ දිනය අදයි..

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනය අද (28) ක්‍රියාත්මකයි.

තැපැල්පති රෝහණ අබේරත්න පැවසුවේ, සියලු සේවකයින් ඒ සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි.

ලබන 04 වන දා වන විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමට හැකිවනු ඇතැයි ද තැපැල්පතිවරයා ප්‍රකාශ කළේ ය.

පළාත් පාලන මැතිවරණයට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මිලියන 15 ක් මේ වන විට බෙදාහැර අවසන් බවද හෙතෙම පැවසීය.