FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රීවරුන් 96 සිටියි නම් හෙට ආණ්ඩුවක් හදන බව ජනපති කියයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 96 දෙනා තමා සමග සිටින්නේ නම් හෙට වුවද ශ්‍රී  ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහි කිරීමට තමන් සූදානම් බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා රත්නපුර ප්‍රදේශයේ  ඊයේ (27) පැවති ජන හමුවකට එක්වෙමින් කියා සිටියේය.

එමෙන්ම ශ්‍රී  ලංකන් ගුවන් සමාගම හා මිහින් ලංකා ගුවන් සේවා ආයතනවල සිදු වූ බව කියන වංචා දූෂණ සෙවීමට අදාළ ජනාධිපති කොමිසම පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය ලබන සතියේ නිකුත් කරන බව ඒ මහතා එහිදී කියා සිටියේය.