FAST NEWS

24×7 Around the Globe

අගමැති රනිල්ට අස්වන්නැයි කියා අත්සන් දශ ලක්ෂයක පෙත්සමක් ජනපතිට..

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සිය තනතුරු වලින් අස්වන්නැයි ඉල්ලා වැඩ කරන ජනතාවගේ අත්සන් දශ ලක්ෂයකින් යුත් පෙත්සමක් සකස්කර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලබා දීමට කටයුතු කරන බව වෘත්තීය සමීති ඒකාබද්ධ බල මණ්ඩලය පවසයි.

බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සම්පුර්ණ වගකීම භාරගෙන තනතුරු වලින් ඉවත් නොවීම නිසා මෙවැනි ඉල්ලිමක් ඉදිරිපත් කරන බව එම බල මණ්ඩලයේ කැඳවුම්කරු ඩබ්ලිව්.එස් පියදාස මහතා මාධ්‍ය හමුවකට එක් වෙමීන් ප්‍රකාශ කළේය.

එහිදි වැඩි දුරටත් අදහස් දැක්වු පියදාස මහතා..

“මෙ රටේ මහ බැංකුව 2015 තුරුම පැවති ආණ්ඩුව යටතේ පැවතුනේ මුදල් අමාත්‍යංශය යටතෙයි,2015 පැවති ජනපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කළාට පස්සේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරට පත් කළා අලුත් අමාත්‍ය මණ්ඩලයකුත් පත් කළා, එ අනුව අමාත්‍යාංශය විෂයන් බෙදිමේදි එතෙක් සම්ප්‍රදායක් තරම් රැකුණු මුදල් අමාත්‍යාංශය යටතේ තිබු මහ බැංකුව මුදල් ඇමති යටතට ගත්තා, එහි අධිපති ලෙස අර්ජුන් මහේන්දන් මහතා පත් කළේ විශාල විරෝධතා මධ්‍යයේයි,එ අනුව බැදුම්කර වංචාවට තමන්ගේ සම්බන්ධයක් නැතැයි අගමැතිවරයාට ඇග බේරා ගන්නා බෑ, අවංක යුක්තිගරුක ඇමතිවරයෙක් නම් මේ අවස්ථාවේ කළ යුත්තේ තනතුරුවලින් ඉවත් වී මෙ සම්බන්ධ පරික්ෂණ නිදහසසේ කරගෙන යෑමට ඉඩ දිමයි”