FAST NEWS

24×7 Around the Globe

හිටපු ඇමති සරත්ට එරෙහිව නීතිපති නඩු 02 ක් ගොනු ‍කරයි..

ජනාධිපති විමර්ශන කොමිසමේ නිර්දේශ මත මුල්ම නඩු දෙක හිටපු ධීවර කටයුතු අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා ඇතුලු පිරිසකට එරෙහිව ,නීතීපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (25) පවරන ලදී.

මීගමු කලපු සංවර්ධනයට මහා භාණ්ඩාගාරයෙන් ලබා දුන් රුපියල් කෝටියකට අධික මුදලක් අවභාවිතා කරමින් පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අවසන් රැළිය මීගමු නගර සභා ක‍්‍රීඩාංගනයේ පැවැත්වු බවට එක් නඩුවක් පවරා තිබේ.

එසේම ධීවර වරාය නීතීගත සංස්ථාවේ මුදල් අවභාවිතා කරමින් එම ජනාධිපතිවරණ සමයේදීම දින පොත් මුද්‍රණය කළ බවට චෝදනා කරමින් නීතීපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙලෙස නඩු පවරන ලදී.

අදාළ නිර්දේශ මත රහස් පොලිසිය සිදු කරන ලද විමර්ශණයකින් අනතුරුව නිතීපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව මෙලෙස අධිචෝදනා ගොනු කොට තිබේ.

DE සිල්වා