FAST NEWS

24×7 Around the Globe

මුආන් මුආන් ටින් මිනිස් ජාවාරමේ යෙදීම සම්බන්ධයෙන් ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට

මියන්මාර පුරවැසියෙකු වන අන්වර් සාදික් හෙවත් මුආන් මුආන් ටින් මිනිස් ජාවාරමේ යෙදීම සම්බන්ධයෙන් ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන තිබේ. අන්වර් සාදීක් 2015 නොවැම්බර් මාසයේ සිදුවූ මිනිස් ජාවාරම් නඩුවක් සම්බන්ධයෙන් විත්තිකරුවකු ලෙස ලෙස ජාතික පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නම් කර තිබිණි.

අත්අඩංගුවට ගැනුණු සාදික්, බටහිර ජකාර්තාහි කලීඩ්රෙස් පෙදෙසේ රඳවා තැබුණු බව ඉන්ද්නීසියා පොලිසිය කියා සිටියේය.

ඉන්දියාවේ, නේපාලයේ සහ බංග්ලාදේශයේ සිට ඕස්ට්රේලියාවේ ක්‍රිස්මස් දුපතවෙත 2015 නොවැම්බර් මස 26 වන දින අනවසර සංක්‍රමණිකයන් 16 දෙනෙකු හොර රහසේ ෆාරා නම් අධි වේගී යාත්‍රාවෙන් ප්‍රවාහනය කරමින් සිටියදී ඉන්ධන අවසන් වීම නිසා ඉන්දුනීසියාවේ ටැබුල්ලොං ගම්මානයේ නැගෙනහිර නූෂා ටෙන්ගාර් පෙදෙසට ගොඩගසා තිබිණි.

එහි සිටි අනවසර විදේශික සංක්‍රමණිකයන් 16 දෙනාසතුව විදේශ ගමන් බලපත්‍ර නොතිබිණි. ඔවුන් පසුකාලීනව ඉන්දුනීසියාවේ නුෂා ටෙන්ගාර් ආගමන හා විගමන කාර්යාලයේ රඳවා තබනු ලැබිණි.